Like us

You money here!!!

Wednesday, January 13, 2016

ඇසිඩ් ප්‍රහාරයෙන් මැකිලා නොගිය රූපේ





ඇසිඩ් ප්‍රහාරයකින් මුලු ශරීරයම පිළිස්සුණු තරුණියක් ඉන්දියාවේ විලාසිතා නිරූපනයකට එක්වුණා. ඇය ඇසිඩ් ප්‍රහාරවලට එරෙහි ව්‍යාපාරයක ප්‍රධාන ක්‍රියාකාරිනියක් වන ලක්ෂ්මි ෂා නමැත්තියක්. "Face of Courage" යන තේමාව යටතේ නිමි ඇදුම් සමගමක් සංවිධාන කළ විලාසිතා දැක්මකටයි ඇය එක්ව සිටියේ. 
 
තමන් සමග විවාහ වන ලෙස කරන ලද යෝජනාවක් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් 32 හැවිරිදි පුද්ගලයකු විසින් ඇය 15 වැනි වියේදී ඇසිඩ් ප්‍රහාරය එල්ල කර තිබුණා. ඉන් ජීවිතය ගලවාගත් ලක්ෂ්මි ෂා ඉන්දියාවේ ඇසිඩ් ප්‍රහාරයන්ට එරෙහිව සහ එම වැරදිකරුවන්ට දැඩි දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා සමාජ ව්‍යාපාරයක් ඇරඹුවා.  භාහිර පෙනුම අර්බුදයක් කරගෙන සිටින කාන්තාවකට තමන්ගේ මෙම ඉදිරිපත් වීම විශ්වාසයක් ගොඩ නගන බවද ඇය පැවසුවා.
 
ඉන්දියාවේ වසරකදී වාර්තාවන ඇසිඩ් ප්‍රහාර ගණන 1000 ඉක්මවන බව එරට මාධ්‍ය වර්තා කරනවා.

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...