#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

ගුවන් යානයක ඉන්ධන, ක්‍රීඩා පිටියකට වැටීමෙන් ළමයින් 20 දෙනෙකුට සහ පුද්ගලයන් 11 දෙනෙකුට චර්ම රෝග හා ශ්වසන ආබාධ

ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ගුවන් ගත වූ යානයක ඉන්ධන ක්‍රීඩා පිටියකට බැහැර කිරීම හේතුවෙන් එහි කුඩා ළමයින් සහ වැඩිහිටියන් පිරිසකට චර්ම රෝග සහ ශ්වසන ආබාධ ඇති වී තිබෙනවා. 

විදෙස් වාර්තා පවසන්නේ එම ගුවන් තොටුපළින් ෂැංහයි බලා ගුවන් ගතවූ මෙම යානයෙහි එන්ජිමේ කාර්මික දෝෂයක් හේතුවෙන් යළි පැමිණෙමින් තිබියදී මෙලෙස ක්‍රීඩා පිටියකට ඉන්ධන බැහැර කර ඇති බවයි.

මෙම තත්ත්වය මත ළමයින් 20 දෙනෙකුට සහ වැඩිහිටියන් 11 දෙනෙකුට චර්ම රෝග සහ ශ්වසන ආබාධ ඇති වී තිබෙනවා. 

ඩෙල්ටා 89 නැමති මෙම ගුවන් යානයේ එම අවස්ථාවේදී මගීන් 149 දෙනෙකු සිටි බවයි විදෙස් වාර්තා පවසන්නේ.
loaading...

View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...