#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

2019 වසරේ ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සර් ගාෆිල්ඩ් සෝබර්ස්ට සම්මානය බෙන් ස්ටොක්ට

වසරේ විශිෂ්ඨතම ක්‍රිකට් ක්‍රීඩකයන්ට පිරිනමන සම්මාන ලාභින්ගේ නම් අද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය ප්‍රකාශයට පත් කළා. 

ගෙවුණු වසරක කාලය තුළදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දස්කම් පදනම් කරගනිමින් සම්මාන පිරිනමද්දී මෙවර කිසිදු සම්මානයක් ශ්‍රී ලාංකිකයකුට හිමි වී තිබුනේ නැහැ. 

වසරේ විනිසුරුට හිමි ඩේවිඩ් ෂෙපර්ඩ් සම්මානය එංගලන්තයේ රිචඩ් ඉලිංග්වෝර්ත්ට හිමිවූ අතර පසුගිය වර මෙම සම්මානය දිනාගත්තේ ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේනයි. 

ලකුණු 7කට කඩුළු 6ක් බිද හෙළු ඉන්දියාවේ දීපක් චහාර් වසරේ පන්දුවාර 20 හොදම දක්ෂතාවට හිමි සම්මානය දිනා ගනිද්දී මේ වන විට ටෙස්ට් පිටියේ ලකුණු මැෂිම බවට පත්ව සිටිනා ඔස්ට්‍රේලියාවේ මාර්නස් ලැබුස්ෂයින් වසරේ නැඟී එන ක්‍රීඩකයා ලෙස සාමානයෙන් පාත්‍ර වුණා. 

ඉන්දියාවේ රෝහිත් ශර්මාට වසරේ එක්දින ක්‍රීඩකයාට හිමි සම්මානය හිමි වෙද්දී ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් වසරේ ටෙස්ට් ක්‍රීඩකයා ලෙසින් අභිෂේක ලැබුවා. 

ලෝක කුසලාන එක්දින තරගාවලියෙන් ඉන්දියා - ඕස්ට්‍රේලියා තරගය අතරතුර ඉන්දීය ප්‍රේක්ෂකයන් ස්ටීව් ස්මිත්ට වංචාකරයා ලෙස අපහාස කරමින් හූ කියූ අවස්ථාවේදී විරාත් කෝලි එය වැළැක්වීමේ සිදුවීමට කෝලිට මෙවර ක්‍රීඩාවේ ජිව ගුණය ආරක්ෂා කිරීමේ සම්මානය හිමි වුණා. 

ලෝක එක්දින සහ ටෙස්ට් කණ්ඩායම් වල නායකත්වයත් වීරත් කෝලිට හිමිව තිබෙන අතර මෙම කිසිදු කණ්ඩායමකට ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඇතුලත් වන්නේ නැහැ.

loaading...
මෙවර වසරේ ක්‍රිකට් විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි සර් ගාෆීල්ඩ් සොබර්ස් සම්මානය සම්මානය දිනා ගන්නට එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් සමත් වුණා.

ඒ මෙම සම්මානය අඛණ්ඩව වසර 2ක් දිනා සිටි කෝලි අභිබවායමින්.


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...