#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

ඕස්ට්‍රේලියානු ලැව් ගිනි දුමාරය ලොව වටා යයි

මාස ගණනක් තිස්සේ  ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසක ඇවිලෙන මහා ලැව් ගිනි වලින් ඇති වූ දුමාරය වායුගෝලයේ ඉහළ ස්ථරවලදී ලොව වටා පරිපථයක් සම්පූර්ණ කරනු ඇතැයි ඇමරිකානු නාසා ආයතනය පවසනවා. 

එම ලැව් ගිනි දුමාරය 2020 නව වසර උදාවේ දකුණු ඇමරිකාවට ළඟා වී තිබුණේ ලොවෙන් අඩක් ගමන් කරමින් එය ඉතිරි අර්ධය සම්පූර්ණ කර නැවතත්  ඕස්ට්‍රේලියාවට ළඟා වනු ඇති බවයි නාසා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ. 

ඕස්ට්‍රේලියානු ලැව් ගිනි වලින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර නිවාස 2000ක් පමණ විනාශ වුණා. 

ඕස්ට්‍රේලියානු ලැව් ගිනි දුමාරය අන්තර්ජාතික ගගන මධ්‍යස්ථානයේ සිට ද නිරීක්ෂණය කර තිබෙනවා.

මේ අතර,  ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැව් ගිනි තවදුරටත් උත්සන්න වී ඇති අතර, මෙල්බර්න් නුවර අද දක්නට ලැබෙන්නේ ලොව දුර්වලතම වායුගෝල තත්ත්වය බව විදෙස් වාර්තා සඳහන් කළා. 

loaading...
එමෙන්ම, ලෝක කාලගුණ වෙනස හේතුවෙන් ඉදිරියේදී මේ ආකාරයේ ලැව් ගිනි  ඕස්ට්‍රේලියාවේ නිරන්තරයෙන් ඇති විය හැකි බවට විද්‍යාඥයන් අනතුරු ඇගවීමක් කළා.


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...