#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

....රෝහල.....

එයා මැරුනේ නම් ලාදුරු හැදිලා හේකිත්තේ ලාදුරු ඉස්පිරිතාලෙ තමයි හිටියේ පෙනුම එක අතක ඇගිලි තුනක් කපලා අයින් කරලා තිබුනා හ්ම්ම් මූනත් විරූපි වෙලා තිබූනේ පුතා ඔය ලෙඩේ නිසා කියන්න ඕන නෑනේ නම අහපුවම ඔයාලා දන්නවනේ කොයි වගේ ලෙඩක්ද කියලා ... මට මතක විදිහට නම් වයස 60ක් විතර ඇති මිනිය නම් සීල් කරන්න වෙලා තිබ්බේ අද ගෙනාව නම් හෙට වැලලුවා ... මොකද මෙයාට වකුගඩු රෝගයකුත් තිබිලා ඒකෙට ප්‍රතිකාර සදහා තමයි ප්‍රසිද්ද රජයේ රෝහලකට ඇතුලත් කරේ ඊටත් මාස දෙකකට වගේ පස්සෙ තමයි නැති වුනේ.. පුතාලා නම් රට ඉදන් ආවේ නෑ දුව මල්ශාලවක මිනිය තියලා වැඩ ටික ලස්සනට ඉවර කරා පස්සේ දුවත් රට ගියා මගේ හිතේ ...

සුනිල් මහතා රාජකාරි කරන්නේ රජයේ ප්‍රසිද්ද රෝහලක සුලු සේවයකයෙකු ලෙසයි පුරා වසර ගනනක සේවා කාලය තුල ඔහු බොහෝ ගුප්ත සිදුවීම් රාශියක් අත්විද ඇති බව පවසයි ....

පුතා ඉස්පිරිතාලයක් කියන්නේ අපිට පේන ඇදන් ටිකයි ඒවල ප්‍රතිකාර ගන්න ලෙඩ්ඩු ටිකයි විතරක් නෙමේ අපිට නොපෙනන ක්‍රියා පටිපාටියක් සෑම රෝහලක් තුලම සිදු වෙනවා

දින පැතාම සැත්කම් සිදු වෙනවා සමහර මිනිස්සුන්ගේ අත්පා ඇගිලි කපා ඉවත් කරන්න සිදු වෙනවා .... සූතිකාගාර වල ඉවත ලන ශරීර කොටස් රුධිරය එකතු වෙනවා මේවා ක්‍රමානු කූලව බැහැර කල යුතුයි .. ඉවත් කරන ශරීර කොටස් වල දැමීම සදහා රෝහල් බූමියේ පිටත විශාල කොටසක් තියෙනවා ... ලේ තැවරුන රෙදි දින පතාම සෝදා පිරිසිදු කිරීමට වෙනවා.. මීට අමතරව රෝගින්ගේන් ලබා ගන්නා රුධිර සාම්පල් පරීක්ශන කටයතු සදහා වෙනම තැන්පත් කරලා තියෙනවා... සෑම රෝහලකම මෘත ශරීරාගාරයක් තියෙනවා මේ මම කියපු සෑම ස්තානයකම මම සේවය කරලා තියෙනවා ...

ඉතින් බොහෝවිට හදිසි අනතුරු වලින් තුවාල බලන පුද්ගලයන් බේරා ගෑනීම සදහා වාහාම සැත්කම් සිදු වෙනවා ඒ සදහා සමහර වෙලාවට ශරීර කොටස් ඉවත් කරන්නට වෙනවා ඉවත් කර ශරීර කොටස් වල දාන විට සමහර රෝගින් මිය ගිහින් ඔහුන් මිය යන්නේ අනේ මගේ කකුල අනේ මගෙ අත කපුවා නේ කියන සිතුවිල්ලත් එක්ක ..ඉතින් පුතා මේ සෑම තනකම ලේ තියෙනවා අපිටනම් ඔය ශරීර කොටස් වලදාන එක ලේ තැවරුන රෙදි හෝදන එක මෝචරියට මිනියක් ගිහින් දාන එන වගේ හැමවැඩක්ම ඒ දවස් වල කරන්න උනා..

කොහොම වුනත් ලැබ් එක පැත්තේ ශල්‍යාගාරය පත්තෙත් මිනිස්සු බය වෙලා තියෙනවා ..මෝචරිය විතරක් නෙමේ පුතා ඕවා තිබුනේ එහම බලද්දි මෝචරිය හොදයි .. ලේ ගොඩවල් ,කපලා දාපු ශරීර කොටස් මල මිනි මේ හැමදේම එක්ක මම අවුරුදු විස්සක් වැඩ කරලා තියෙනවා ... හොල්මන් බුතයො මම විශ්වාශ කරලවත් දැකලාවත් තිබුනෙ නෑ මේ සිදුවීමට මුහුන දෙනකම් ...මේ සේපාල කියන්නේ අපේ ගමේ හාදයෙක් 2001 වගේ තමයි මිනිහා නැති වුනේ ලාදුරු ඉස්පිරිතාලේ ඉදලා මෙහෙට ගෙනාවෙ ඒ ගේන කොටත් කකුලේ හා අතේ ඇගිලි බොහොමයක් කපා ඉවත් කර තිබුනේ!! පෙනහැල්ලේ ලෙඩක් නිසයි මෙහෙට ගෙනාවෙ .. මිනිහට ගොඩක් අමාරු උනා ... බට ගහලා එලියට වතුර ගත්තා මම හිතන්නේ පෙනහැල්ලේ වතුර පිරිලා තමයි තිබුනේ ... අපේ ගමේ එකා නිසා මිනිහව බලන්න මම නිතර දෙවේලේ වාට්ටුවට ගියා ... මැරෙන්න නම් පුදුම බයකින් තමයි හිටියේ මනුස්සය ...බලන්න කවුරුත් එන්නේ නෑ දුවලා පුතලා ඔක්කොම වුන්ගේ ජීවිත ගෙව්වා මිසක් තාත්තා ගැන බලන්න නම් එකෙක්වත් හිටියේ නෑ.
කොහොම හරි මම එදා හිටියේ රාත්‍රී වැඩ මුරයේ සැත්කම් වලින් ඉවත් කරපු පාදයක් තිබුනා වලදමන්න ... ලේත් සමග බාල්දියක දාගෙන තමයි මාත් එක්ක වැඩ කරන අනිත් එකා කකුල අරගෙන ආවේ! යමන් මේක වලදාන්න අදට මේක විතරයි !! ... මෙහෙම කියලා අපි දෙන්න රෝහල පසුපස හිස් ඉඩමට පිටත් වුනා!! කොරිඩෝ එකක් දිගේ ගිහින් තමයි පිට වීමේ දොරටුව තිබුනේ !.. අපි දෙන්නා ටිකක් ඉස්සරහට යනකොට මම කලින් කිව්ව සේපාල කොරිඩෝ එකේ අනිත් පැත්තේ ඉදගෙන ඉන්නවා මම දැක්කා හැබයි මාත් එක්ක ගිය අනිත් එකානම් මිනිහව දැක්කේ නෑ කියල මට තේරුනා මොකද මේ වෙලාවෙ ලෙඩෙක් මෙහෙම ඉන්න එක සමාන්‍යෙ දෙයක් නෙමේනේ මේ කොරිඩෝවේ රෑට බලු බල්ලෙක් නෑ.. කවුරු ගියත් යන්නේ දෙන්නෙක් එක්ක තනියම එකෙක් යන්නෙ නෑ ..මෝචරිය තිබුනේ මේ කොරිඩෝවේ කෙරවලේ ..

මෝචරිය පහු කරගෙන තමයි පිටවීමේ දොරටුව තිබුනේ ..මචන් උබ ඕක අරන් පලයන් මම එන්නම් පොඩි වැඩක් අමතක උනා බන් .අහ් එහෙමද ඉක්මනට වරෙන් එහෙනම් කියලා මිතුරා කපා වෙන්කරන ලද කකුලත් අරගෙන පිටත් වුනා....

යකෝ සේපාලය මොක්ද මෙතන කරන්නේ මූ ඉස්පිරිතාලෙන් පැනලා යන්නවත්ද? මෙච්චර අමාරුවෙන් හිටපු එකා! ... සේපාලයො මොක්ද බන් කරන්නේ උබ මෙච්චර ආමරුවෙන් ඉදගෙන මේ කරන වැඩේ මොකක්ද??..! මගෙත් එක්ක ආව එකා දැක්කානම් එහෙම හෙන ලෙඩක් වැටෙනවා උබට.. හොද කුනුහපර අහගෙන තමයි යන්න වෙන්නෙ මොක්ද බන් මේ පොඩි ලමෙක් වගේ ...

මට බයයි බං වාටුවට යන්න එහා ඇදේ හිටපු මන්නුසයත් මැරුනා

හරි බන් එහෙමයි කියලා පැනලා දුවල හරියන්නෙ නෑනේ !!මාත් එක්ක යමන් වට්ටුවට මම කතා කරන්නම් ඩොක්ටර්ට මම මෙසේ පැවසූ විට අසීරුවෙන් ගැගිට සිටි ඔහු නාස් ආවරනය ගැලවා දැමීය .. ලාදුරු නිසා ඔහුගේ මුහුන මහත් ලෙස හැකිලී විරූපි වී ඇති බව දුටු විට් ඇත්තෙන්ම මට මහත් බීතියක් හා මුසු වුන අනුකම්පාවක් ඇති විය.

හරි යමු එහෙනම් සේපාල අමාරුවෙන් නැගී සිටගත්තේ මා සමග පැමිනීමටයි.... අසීරුවෙන් නැගී සිටින ඔහුට උදව්වීමට ඔහුගෙ අතින් මමද අල්ලා නැගිටීමට වාරු දුනිමි.. ඔහුගේ අතින් ඇල්ලූ මට දැනුනේ අමුතු සීතලකි ..සේපාල මොකද බන් උබව සීතල වෙලා නැගිටපන් ඉක්මනට වාට්ටුවට යමු ඉතාමත් අසීරුවෙන් මගේ අතින් අල්ලගත් සේපාල පොඩ්ඩක් හිටපන් යැයි පවසා නැවත්තත් බිමට පහත් වී හරි බැරි ගැසී ඉදගත්තේ බඩගිනි බන් යැයි පවසමිනි .....

loaading...
මහා කුනුගදක් ආවා පුතා ඒ වෙලාවෙ මට කවදාවත් අමතක වෙන්නෙ නෑ ඒ ආපු ගද! බිමට පහත් වූ සේපාල කනුව පසුපසින් යමක් ඇදගෙන කෑමට පටන් ගත්තා වෙන මොකක්වත් නෙමේ ඒ ශල්‍යාගාරයෙන් කපා ඉවත් කරන ලද කකුලක් .

උබත් කාපන් මාර රහයි යැයි පවසා වියරුවෙන් මෙන් සිනා සෙමිනුයි පාදය කෑමට පටන් ගත්තේ .. මට ඒ වෙලාවෙ කරගන්න කිසිම දෙයක් තිබුනේ නෑ බලාගෙන ඉන්නවා ඇරෙන්න !වෙන කිසිම දෙයක් ගැන මුකුත්ම තේරුනේ නෑ !වියරුවෙන් පාදය ගිල දමන අතර එම ශරීර කොටස ඔහු මුහුන පුරා අතුල්ල ගත්තා ... අතුල්ල ගමනේ මුලු කකුලම සතෙක් වගේ කෑවා.. ඉන් පසුව නැවත නැගිටගෙන ඔහුගේ අතේ ඉතිරුව තිබෙන ඇගිලි එකින් එක කා දමන්නට වුනා !!ලේ වැගිරෙන අගිලි දිහා බලලා ඔහු මහ හඩින් හිනා වුනා ..

ක්‍රමානු කූලව ලේ වැගිරෙන අගිලි කෑවේ රස කරමින්... දිනගනක් බඩගින්නේ හිටපු සුනකයෙක් වගේ කරස් කරස් ගාලා අගිලි ඉරාගෙනම කෑවා ... ඉවසන්න බැරි කුනු ගදක් එක්ක මේ සිදුවීම් පෙල විනාඩි දහයක් පමන සිදු උනා කියලා මම හිතනවා ....

අන්තිමට මිනිහා මගෙන් ඇහුවා උබත් කනවද කියලා අහලා එක පාරටම දිව එලියට දාලා දත්වලින් ටකාස් ගලා දිව ගැලපෙන්න හපලා ලේ වැගිරෙන දගලන දුව කොටස ගිල දැම්මා .... කෑගසමින් පැන දුවන එක ඇරෙන්න මට කිසිම දෙයක් ගැන හිතාගන්න බැරි වුනා ... ඒයි ඔහොම හිටපන් කෑල්ලක් කාලා පලයන් යැයි ඔහු උම්මන්තකයෙක් කෙස වියරුවෙන් සිනා සුනා ....

මම වාට්ටුවට යනකොට මිනිහා වාට්ටුවෙ නෑ ඇද හිස් එතන හිටපු සාත්තු සේවිකාවන් දෙදෙනෙකුට මුලු විස්තරයම කියපුවම ඒක ලැව්ගින්නක් වගේ ඉස්පිරිතාලෙ පුරාම පැතිරගෙන ගියා ... ඊට පැය බාගෙකට කලින් තමයි සේපාල මැරිලා තිබුනේ ඒ මැරෙන්න මොහොතකට කලිනුත් ඔහු බඩගින්නේ තමයි ඉදලා තියෙන්නේ නමුත් කෑම දීමට තරම් සුදුසු තත්වයක් නොතිබුන නිසා කෑම දීලා නෑ ..ඉතින් පුතා ඔන්න ඕකයි වුනේ මැරුන වෙලේ ඉදලා මිනිහා ඉස්පිරිතාලෙ ඇතුලේ දෙන්නෙක් දැකලා තිබුනා ....මිනිහා ඉන්නේ බඩගින්නේ ඒක තමයි මට කිය්න්න පුලුවන් එකම දේ .......

Based on true story
( සත්‍ය කතාවක් පාදක කොටගෙන රචනා කරන ලද්දක් බව කරුනාවෙන් සලකන්න ...)

ඔබගේ වටිනා අදහස් බෙදා ගැනීමට අමතක නොකරන්න .... ජය ✌

(ලාදුරු රෝහලේ සත්‍ය චායාරූප මෙහි පල කර ඇත වර්ශ එක්දහස් හත්සිය ගනන් දක්වා දිව යන ඈත අතීතයකට මෙය හිමි කම් කියයි....චායාරූප සදහා අනුග්‍රහය නාමල් ප්‍රේමතිලක සහෝදරයා )













View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...