#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

යුක්රේන යානය බිමහෙලීමට විරෝධය පා ඉරාන වැසියන් වීථි බසී/ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

යුක්රේන යානය බිමහෙලීමට විරෝධය පා ඉරාන වැසියන් වීථි බසී

176 දෙනෙකු මරුමුවට පත් කරමින් යුක්රේන ගුවන් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලීම සම්බන්ධයෙන් සත්‍යය හෙළි නොකිරීම පිළිබඳව විරෝධය දක්වමින් දහස් සංඛ්‍යාත ඉරාන ජාතිකයන් ටෙහෙරාන් අගනුවරට රොක්වී තිබෙනවා. 

අත්වැරදීමකින් ගුවන් යානය බිම හෙලූ බව ඉරානය පිළිගත්තේ ඒ පිළිබඳව ඇමරිකාව සහ කැනඩාව සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මුලින් ඒ පිළිබඳ එල්ලවූ චෝදනා ඉරානය ප්‍රතික්ෂේප කළා. 

මෙලෙස ජනතාව වෙතින් සත්‍යය වසන් කිරීමට එරෙහිවයි ඉරාන අගනුවර විරෝධතා පැන නැගී ඇත්තේ.

ටෙහෙරාන් නුවර සරසවි දෙකක් කේන්ද්‍ර කොටගෙන පැන නැගුණු විරෝධතාවලට කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. මෙම විරෝධතා දිරිගන්වමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක්ද නිකුත් කරනු ලැබුවා.

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති අත්අඩංගුවට

ඉරානයේ බ්‍රිතාන්‍ය තානාපති රොක් මැක්කෙයර් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ටෙහෙරාන් නුවර පැවති මහජන විරෝධතාවක් අතරතුර අත්අඩංගුවට ගත් ඔහු පැය 3 කට අධික කාලයක් රඳවාගෙන සිටි බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. 

විරෝධතාව පැවැත්වුණේ පුද්ගලයන් 176 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් ඉරාන ගුවන් යානයක් බිම හෙලීම සම්බන්ධයෙන් ඉරාන රජය සත්‍යය වසන් කිරීමට එරෙහිවයි. 

loaading...
කෙසේ නමුත් බ්‍රිතාන්‍යය විදේශ ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ නිසි කරුණු දැක්වීමකින් තොරව තම තානාපතිවරයා ඉරාන රජය විසින් අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනි කරුණක් බවයි.


Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...