#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

අභිරහස් වෛරසය ජපානයට

චීනයේ දකුණු කලාපයේ පිහිටි වූහාන් නගරයෙන් වාර්තා වූ කොරෝනා වෛරස ගණයට අයත් අභිරහස් වෛරසය වැළඳුණු ජපාන ජාතිකයෙකු මුල්වරට එරටින් හමුවී තිබෙනවා.

30 හැවිරිදි වියේ පසුවන මොහු අදාළ වෛරසය පැතිර යන චීනයේ - වූහාන් නගරයේ සිට පසුගියදා ජපානයට පැමිණ ඇති බවටයි හෙලි වී ඇත්තේ.

පෙනහළු රෝග ඇති කරවන මෙම වෛරසය වැළඳුණු රෝගීන් 41 දෙනෙකු චීනයෙන් මේ වනවිට වාර්තා වී ඇති අතර, එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වෛරසය ලොව පුරා පැතිර යා හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත්තේ. 

කොරෝනා වෛරස ගණයට අයත් වෛරස රාශියක් පවතින නමුත්, මෙය මිනිසුන්ට ආසාදනය වූ හත්වැනි කොරෝනා වෛරසයයි. 

loaading...
2002 වසරේදී සහ 2012 වසරේදී සාර්ස් සහ මර්ස් නමින් මෙම කොරෝනා වෛරස් කාණ්ඩයට අයත් වෛරස ලොව පුරා පැතිර ගිය අතර, ඉන් මියගිය සංඛ්‍යාව 1632ක්. 

උරුලෑවන්ගෙන් සහ ඔටුවන්ගෙන් එම වෛරස මිනිස් සිරුරට පැතිර ගිය නමුත්, නව වෛරසය පැමිණියේ කුමන සත්වයෙකුගෙන්ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...