#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

මෙන්න බලන්න රත්මලාන බිහිරි විද්‍යාලය දරුවන් ජාතික ගීය කියන අපූරුව🙇🙇🙇


ආදරණීය කමණිගේ ඉල්ලීම පරිදි ඇය ගේ Simple Joyful Homemaking ෆේස්බුක් පිටුවේ පලකිරීම සඳහා රත්මලාන බිහිරි විද්‍යාලීය දරුවන් ජාතික ගීය ගායනා කරන වීඩියෝවක් The School for the Deaf, Ratmalana ෆේස්බුක් පිටුවේ පළ කර ඇත.

ශ්‍රවණාබාධිත දරුවන්ගේ අධ්‍යාපනයට මෙන්ම වෘත්තීය පුහුණුවට ද මුල් තැනක් දෙන අප පාසල තුළ පාසල තුල හොඳින්ම ස්ථාපනය වූ පෙස්ට්‍රි හා බේකරි අංශයක්, මැහුම් අංශයක්, මැණික් කැපීම පුහුණු කිරීමේ අංශයක්, පරිගණක අංශයක් පවතී. සියලු පාඨමාලා වසරක කාලයකදී නිම කරන සෑම දරුවෙකුටම අදාළ ක්ෂේත්‍රයේ ගෞරවණීය රැකියා ලබා දීමට පාසල කටයුතු කරනවා. මේ වෘත්තීය පුහුණු ආශ්‍රිත වීඩියෝ ද ඉදිරියේදී ඔබ හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙමි.
"මගේ අවුරුදු 41 ක වෘත්තිය ජීවිතයේ වඩාත්ම මට දැනෙන කාලය මෙම පාසලේ ගත කළ අවුරුදු 7 බව කියන්නෙ හරිම සතුටින් වගේම මුළු හදවතින්මයි. Simple Joyful Homemaking පිටුව සමග එකතුවෙලා ඉන්න කමනී දුව ඇතුළු සියළුම දුවලා පුතාලට මං ආරාධනා කරනවා දවසක ඔබේ පුංචි දුවා දරුවන් එක්ක මගේ පුංචි පැටව් බලන්නට,ඔවුන්ට අධ්‍යාපනය ලබාදෙන්නට අපේ ගුරුවරුන් දරණ වෙහෙස දකින්නට,බාධක මැද්දෙන් දරුවන් යන ගමන දකින්නට, ඔවුන්ට අනුකම්පා කිරීමට නොව, ඔවුන්ගේ ගමනට ආදරණීය අත්වැලක් වීමට අපේ පාසලට එන්න කියලා."

විදුහල්පතිනිය,
Samanthika Jayasuriya

උපුටා ගැනීමකි

වීඩියෝ එක පතතින්

loaading...


Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...