#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

සූක්ෂම ලෙස ජංගම දුරකථනයක් සඟවා කාන්තා වැසිකිළිය වීඩියෝ කළ කම්කරුවෙකුට වැඩ වැරදුණු හැටි

බදුල්ල නගරයේ රාජ්‍ය ආයතනයක කාන්තා වැසිකිළියේ ජංගම දුරකථනයක් තබා එම කාන්තාවන්ගේ නිරුවත වීඩියෝ කරන ලදැයි සැකපිට එහි සේවය කරන කම්කරුවෙක් පෙරේදා (14වැනිදා) අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලිසිය පවසයි.

කාන්තාවන්ගේ දර්ශන මෙන්ම සැකකරුගේ මුහුණද එහි රූගත වී ඇතැයි පොලිසිය පවසයි.

වැසිකිළිය සේදීම සඳහා උපයෝගී කර ගන්නා ද්‍රාවන බහාලන බාල්දියක සූක්ෂ්ම ලෙස මෙම ජංගම දුරකථනය සඟවා තිබී ඇත.

වැසිකිළියට ගිය සේවිකාවක් මෙම ජංගම දුරකථනය දැක ඉහළ නිලධාරීන්ට දැනුම් දී‍මෙන් පසු ඔවුන් විසින් පොලිසියට පැමිණිලි කර තිබිණ.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.
loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...