#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

ඔස්ට්‍රේලියාවේ වසර ගණනක් ජීවත් වී එකම දියණිය ඉංජිනේරුවරියක් කළ මව්පියෝ සියලු සැප හැරදා පැවිදි බිමට එක්වූ හැටි

තම එකම ඉංජිනේරු දියණිය සමග ඔස්ට්‍රේලියාවේ සිට අඹුසැමි යුවළක් සියලු සැප සම්පත් අතහැර මෙරට පැමිණ පැවිදිවීමේ අපූරු පුවතක් කහටගස්දිගිලියෙන් වාර්තා වේ. 

කහටගස්දිගිලිය ශ්‍රී ආලෝක පබ්බතාරාම විහාරස්ථානයේදී එකී පැවිදි උත්සවය පැවැත්විණ.

මෙම අඹුසැමි යුවළ කැලණිය වරාගොඩ පදිංචිව සිට තම දියණියගේ අධ්‍යාපන කටයුතු නිසා කලකට ඉහත ඔස්ට්‍රේලියාවට ගොස් ඇත. අධ්‍යාපන කටයුතු හමාර වී දියණිය ඉංජිනේරුවරියක් ලෙස රැකියාවට ඇතුළත්වීමෙන් අනතුරුව මෙම යුවළ නැවත මෙරටට පැමිණියේ සැහැල්ලු සිතින් යුතුවය.


මෙරටට පැමිණ කාලය ගත කරමින් සිටින විට මීට වසර තුනකට ඉහතදී ඔවුන් දෙපළ පැවිදීවීමට තීරණය කර අනුරාධපුරයට පැමිණ තිබේ. ශාන්ති සමරවීර නම් වූ දියණියගේ මව ඇල්පිටියේ නිරෝධා මෑණියන් ලෙස පැවිදි දිවියට ඇතුළත් වූවාය.

ඉන් පසු මෙම දියණිය අනුරාධපුරයේ පදිංචිව සිටි තම පියාගේ සුවදුක් පිළිබඳව සොයා බැලීමට නිරන්තරයෙන් කටයුතු කළාය. තම පියාද පැවිදිවීමේ අරමුණින් සිටින බව දැනගත් ඇය ඊට අවශ්‍ය කටයුතු සලසා දී ඇත. 80 වියැති අමරසේන මල්ලවආරච්චි නම් ඔහු ඇතිලිගොඩ ඥානවිමල නමින් පැවිදි කරවීම පසුගියදා කහටගස්දිගිලිය ශ්‍රී ආලෝක පබ්බතාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි. මෙම පැවිදි උත්සවය ඉතාමත් සංවේදී අවස්ථාවක් බවට පත්විය. අමරසේන මල්ලවආරච්චිගේ පැවිදි උත්සවය ගිහිකල තම බිරිඳ වූ ‘ඇල්පිටිය නිරෝධා මෑණියන් විසින් සියලු අවශ්‍යතා සපුරා දෙමින් සිදුකර දෙන අයුරු දැකගත හැකිවිය. එම අවස්ථාවලදී මෙම දෙපළ අතිශය හැඟීම්බර වූ අවස්ථාවද දැකගත හැකි විය. පියාගේ පැවිදි උළෙලට සහභාගි වීමට ඔස්ට්‍රේලියාවේ වෙසෙන දියණියට නොහැකි වූයේ ඇයගේ රාජකාරි කටයුතු ​හේතුවෙනි. ඇය තම පියාගේ පැවිදි උළෙල අන්තර්ජාලයෙන් සම්බන්ධ වී දැකබලාගත් අතර ඇතැම් අවස්ථාවල මෙම දියණිය සහ පියා අතර අදහස් හුවමාරු වූයේ කඳුළු බිඳු රූරා වැටෙද්දීය. වැලිඔය පදවිය ජනපදය ඇතුළු උතුරු හුරුළු පළාතේ ප්‍රධාන සංඝනායක කිරිගල්වැවේ ඤාණාලෝක හිමියන් විසින් මෙම පැවිදි වීම සිදුකරනු ලැබීය.

මෙම පැවිදි වීම පිළිබඳව විමසූ විට ඒ පිළිබඳ අදහස් පළ කළ ඇල්පිටියේ නිරෝධා මෑණියන් මෙසේ පැවැසුවාය.

‘ඇත්තටම අපි ගොඩක් සතුටින් හිටියා. අපි කැලණියේ තමයි පදිංචිවෙලා හිටියේ. මහත්තයා පෞද්ගලික සමාගමක විශ්‍රාමික පරිපාලන නිලධාරියෙක්. අපි ඊට පස්සේ දුවට උගන්නන්න ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගියා.

ඉතින් එහෙත් අපි හරිම සතුටින් හිටියා. අපේ අරමුණ වුණේ දුවට හොඳට උගන්නන්න. ඒ අරමුණ ඉටු වුණාට පස්සේ අපි දෙන්නා ලංකාවට ආවා. ඊට පස්සේ අපි තීරණය කළා පැවිදිවෙන්න. මහත්තයත් හරිම ආසාවෙන් තමයි ඒ තීරණය ගත්තේ. දුවත් ආගමට දහමට ලැදි කෙනෙක්. අපි මේ ගැන දුවට කිව්වම දුවත් කැමැති වුණා.

loaading...
අපි ජීවිතේ ගැන කලකිරිලා නෙවෙයි පැවිදි වෙන්නේ. හොඳින් මේ ජීවිතේ ගැන අවබෝධ කරගෙනයි.

ඇතිලිගොඩ ඥානවිමල හිමියන් මේ පිළිබඳ අප හා මෙසේ පැවැසූහ.

‘ඇත්තටම මට හරිම සතුටුයි මම ගොඩක් ආසාවෙන් හිටියේ පැවිදිවෙන්න. මගේ දුව මම ගැන නිතරම හොයලා බැලුවා. තම දෙමාපියන්ට නොසලකන දරු දැරියන් මෙන්ම ඔවුනොවුන් නොසලකා හරින, ඇතැම් විට දික්කසාදයක් හෝ මරණයෙන් යුග දිවිය කෙළවර කරගන්නා අඹු සැමියන් සිටින මෙවන් සමාජයක සැබැවින්ම මොවුන් පරමාදර්ශී චරිත නොවන්නේද?



View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...