#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

අපි වැලන්ටයින් සැමරුවේ අවුරුදු 9000 ට කලින් - මහාචාර්ය රාජ් සෝමදේව

ලොව පුරා පෙම්වතුන් අද වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සමරනවා.ආදරවන්තයින්ගේ දවස වැලන්ටයින් දිනය හැටියට හැඳින්වෙන්නත් ඒ දවස පෙබරවාරි 14 වැනිදා වෙන්නටත් හේතුව හුඟක් අය දන්නවා ඇතිනෙ.

අතීත රෝමානු අධිරාජයෙක් වෙච්ච දෙවැනි ක්ලෝඩියස්ගෙ කාලෙ සොල්දාදුවන්ට විවාහ වෙන්න තහනම්ය කියල නීතියක් තිබිල තියනවා. මේ නීතිය පණවන්න හේතුව වෙලා තියෙන්නෙ විවාහක සොල්දාදුවන්ට වඩා අවිවාහක සොල්දාදුවන් වඩා ජවසම්පන්නයි කියල අධිරාජයා විශ්වාස කරපු නිසාවෙන් බවයි කියැවෙන්නේ. කොහොම වෙතත් ආදරවන්තයන් කෙරෙහි දයාවක් දක්වපු වැලන්ටයින් කියන පූජකවරයා ආදරෙන් බැඳිල හිටපු සොල්දාදුවන්ව ඔවුන්ගෙ පෙම්වතියන් එක්ක රහසින්ම සරණ බන්දන්න කටයුතු කලාලු. නීතියට පිටින් ගිහින් කරපු මේ ක්‍රියාව අවසානෙදි අධීරාජයගෙ කණට වැටිච්ච නිසා වැලන්ටයින් පූජකතුමාට මරණ දණ්ඩනය නියම වෙලා තියනව. එතුමාව මරණයට පත්කරපු පෙබරවාරි 14 වැනිදා තමයි අපි කවුරුත් දන්න වැලන්ටයින් දවස යෙදෙන්නෙ.

කොහොම වුණත් ශ්‍රී ලංකිකයන් ආදරවන්තයින්ගේ දිනය සැමරුවේ මීට වසර 9000කට පෙර බව මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ '' Neth Fm Unlimited Good Night'' වැඩසටහනේදී.සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.
loaading...


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...