#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

බිරිද ගණිකා නිවාසයකට වික්ක සැමියා මියගොස් ප්‍රේතයෙකු වී ආ හැටි

හොල්මන් කතාවකට එහා ගිය ආදර්ශමත් සත්‍ය කතාවක්...ඔයාලත් අනිවාර්යෙන්ම කියවන්න..පෝස්ට් එකටත් සප් එකක් දෙන්න...

(පුංචි පවුල රත්තරන් කියල තමන්ගෙ දරු පවුල රැකගෙන සතුටින් ජීවත් වෙන එක තමයි කාටත් වඩාත් හොද)👍🙏

ළාබාල සුරූපී දැරියක බලහත්කාරයෙන් විවාහ කර ගත් හමුදාවෙන් පලා ආ සෙබළෙක් මත්කුඩු ගැසීමට මුදල් උපයනු සඳහා රුපියල් පන්සීයට, දාහට ඇය සලෙළුන්ට වික්කේය. අවසානයේ රුපියල් ලක්‍ෂ තුනහමාරකට ඇය ගණිකා නිවාසයකට සින්නක්කර විකුණා මුදල් ලබාගෙන ඇති අතර ඇය ගෙන යෑමට ගණිකා නිවාසයෙන් වාහනයක් පැමිණි විට තරුණිය කෑ ගසා විරෝධය පෑ කල ගම්වැසියන් පැමිණ ඇය බේරාගෙන ඇත. ඇගේ සැමියා යැයි කියන පාදඩයාට පහර දී වාහනයද පන්නා දමා ඇත. ලක්‍ෂ තුනහමාර ආපසු ගෙවා ගත නොහැකි වූ පාදඩයා ඇගේ නිවෙස ඉදිරිපිටට පැමිණ වස පානය කොට සිය දිවි හානි කැර ගත්තේය. ඔහු ප්‍රේතයකු වී ඉපිද තවත් කරදර කරන්නට පැමිණි සංවේදී සංවේගී කතාවකි මේ.

සමනලී කන්ද උඩරට පදිංචිකාරියකි. තිස් දෙහැවිරිදි ඇය දෙදරු මවකි. සාමාන්‍ය ගැමි පවුලක අහිංසක මවකගේ හා පියකුගේ එකම දියණිය වූවාය. සමනලී ඇත්තටම පුදුම ලස්සන තරුණියකි. ඇය දෙස වරක් බැලූ කෙනකු දෙවරක් නොව හතර පස් වරක්ම බලන තරමේ ලස්සනකින් යුක්ත වූවාය. අද මේ තරම් ලස්සන නම් විසි හැවිරිදි වියේදී කොතරම් සුරූපී දැයි හිතා ගන්නටත් බැරි තරම්ය.

ඇය පාසල් යද්දී ඒ පාසලේම ඉගෙනුම ලැබූ සම වියේ තරුණයකු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූවාය. මේ අතර හමුදාවෙන් පලා ආ සුසිල් නම් වූ තරුණයකුගේ කෑදර දෙනෙතට ඇය ලක් වූවාය. ඔහු ඇගේ පස්සෙන් එන්නට විය. සුසිල්ගේ යෝජනාව ඇය ප්‍රතික්‍ෂේප කළේ ඇයට පෙම්වතකු සිටි නිසාය.

දිනක් මවුපියන් ගෙදර නැති අවස්ථාවක සමනලී තනිවම පාඩම් කරමින් සිටියාය. හිටි හැටියේ සුසිල් එතැනට කඩා වැදුණේය. ඔහුගේ හැඩි දැඩි ග්‍රහණයෙන් ඇයට ගැලවෙන්නට නොහැකි විය. නයකුට හසුව ගැල වේවිද කිකිළි බිජු.

නිවෙසට ආපසු පැමිණි මවුපියන් ඉදිරියේ තටු සිඳුණු සමනලිය හඬා වැටුණාය. අසාධාරණය, බලය, චණ්ඩිකම රජ වුණු රටක අහිංසක දුප්පතුන් අසරණය. මේ අතර දිනයක පිස්තෝලයක් රැගෙන පැමිණි පාදඩයා තමන් සමනලිය දූෂණය කළ බවත්, ඇය විවාහ කර නුදුන්නොත් තිදෙනාම වෙඩි තබා මරා දමන බවටත් තර්ජනය කළේය. ඊට අමතරව සමනලීගේ පෙම්වතාගේ නිවෙසට ගොස් තමන් කළ අධම පාහර හපන්කම පෙම්වතාටත්, ඔහුගේ මවුපියන්ටත් කියා ඒ ප්‍රේම සබඳතාව වහාම නතර කරන ලෙසටද තර්ජනය කළේය. ඇගේ මවුපියෝ අහිංසක අය වූහ. අසරණ අය වූහ. උෟටම විවාහ කැර නොදී වෙන මොනවා කරන්නද? මේ වන විට ඇය ගැබ්ගෙන සිටියාය. ඒ විවාහය එසේම සිදුවිය.

මේ පාදඩයා කුඩුකාරයෙකි. මත්කුඩු ගන්නට ආදායමක් නැත. විවාහ කොටගෙන සතියක් ගත වෙද්දී ගමේ සල්ලාලයනට රුපියල් පන්සීයට දාහට බිරිය විකුණන්නටත් ඇය උන්ට පාවා දී සැඟවී බලා සිටින්නටත් තරම් වූ තිරිසනෙක් විය. මේ අතර අනුරාධපුර ප්‍රදේශයේ ගණිකා නිවෙසකට රුපියල් ලක්‍ෂ තුනහමාරකට සමනලීව සින්නක්කර විකුණන්නට සැලැසුම් කළේය. මූ උන්ගෙන් ලක්‍ෂ තුනහමාර ගත්තේය. උන් පැමිණි වාහනයෙන්ම සමනලිය භාර දෙන්නට ගෙදරට ආවේය.

සමනලී ගමටම ඇහෙන්නට කෑ ගසා හඬා වැලපුණාය. මුගේ ජඩ වැඩ ගැන කලකිරී අවධානයෙන් සිටි ගම්වැසියෝ පොලු, මුගුරු ගෙන එතැනට කඩා වැදුණහ. "උඹ වරෙන් දුවේ මගේ ගෙදරට යමන්. දරු දෙන්නාවත් අරගෙන වරෙන්. එතැනට ඕකා ආවොත් ගහලා මරනවා. උඹ බය නැතුව යමං" යැයි එක් වැඩිහිටියෙක් සමනලීත් දරු දෙදෙනාත් කැඳවාගෙන ගියේය.

ගම්වැසියන් වාහනයෙන් පැමිණිය වුන්ටද පහර දෙන්නට සූදානම් වෙද්දී ඔවුහු පලා ගියහ. පාදඩයාට පිරිස වට කැරගෙන නොසෑහෙන්නට පහර දුන්හ. "තෝ ආයෙත් මේ කෙල්ලට අතක් තිබ්බොත් මේ ගෙදර අයට කරදරයක් කළොත් මේ ගෙදර පස් පෑගුවොත් තෝව ගහලම මරනවා" යැයි පන්නා දැමූහ. මාස ගණනක් ප්‍රතිකාර ගන්නට තරම් ගුටි කෑ පාදඩයා පලා ගියේය.

අනුරාධපුරයේ ගණිකා නිවාසයේ එවුන්ගෙන් දැන් මූට බේරිල්ලක් නැත. ලක්‍ෂ තුනහමාර ආපසු දිය යුතුය. එදා ගුටි කන අතරේ ඒ මුදලට වූ දෙයක් නැත. කර කියා ගන්නට දෙයක් නැති සුසිල් දිනක් සමනලීගේ නිවෙස ඉදිරිපිටට පැමිණ වස පානය කොට සිය දිවි හානි කැර ගත්තේය.

සමනලිය භාර ගන්නට කැමැති වූ වෙනත් කෙනෙක් ඇය භාරගෙන විවාහ කැර ගත්තේය. එහෙත් වැඩි කලක් ගත වූයේ නැත. ඇයටත් වසර එකහමාරක් හා වසර පහක් වූ දරු දෙදෙනාටත් කරදර එළැඹෙන්නට විය. අඹු - සැමියන් අතර ආරාවුල් ඇති විය. නිවෙස තුළ දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. සමනලී නින්දෙන් තිගැස්සී ඇහැරෙන්නට වූවාය. රාත්‍රි කළුවරේ නොපෙනෙන කෙනකු පැමිණ ඇය ස්පර්ශ කරන බව දැනෙන්නට විය. මේ කරදර අඩුවක් නොවන විට දියණියට එළැඹෙන දුක් කම්කටොලු ඉදිරියේ අසරණ වූ ඇගේ පියා රෝගීව මිය ගියේය. මෑණියන්ගේ සිහිකල්පනාවද මේ දුක් වේදනාවලින් දුර්වල කොට ඇත. සමනලී පිළිසරණක් සොයා ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා මව සමඟ පැමිණියාය.

ආධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී සිය දුක් ගැනවිල්ල පැහැදිලි කරද්දී ඇගේ ශරීරය වෙව්ලා ප්‍රලය වූවාය. ඒ සමඟ සිහි නැතිව වැටුණාය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

ඇය බෝධි පූජා ඉටුකොට සති තුනකින් නැවැත පැමිණියාය. එදිනද ඇය ප්‍රලය වූවාය. එසේ දිෂ්ටි ගැන්වුණු ප්‍රේතයා ගවේෂකවරයාට ඔරවන්නට විය. රවනවා, ගොරවනවා මිසක කතා කළේ නැත. නාගොඩවිතාන මහතා කතා කළේය.

loaading...
"කවුද මේ?"

"....." නිහඬය. ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කළේය.

"කවුද මේ?"

"සුසිල්"

"සුසිල් කියන්නේ කවුද?"

"හමුදාවෙන් පැනලා ආපු සෙබළෙක්".

"ඇයි ආවේ?"

"මේකි මට ඕනෑ. මේකිව දාලා යන්න බෑ. දාලා යන්නෙත් නෑ"යි තරයේම කීවේය.

නැවැතත් බෝධි පූජා හතක් පවත්වා එන්නැයි නියම කළේය.

නැවැත පැමිණි දිනයේද දිෂ්ටි ගැන්වීය. එදින ප්‍රේත ජීවියා අඬන්නට විය.

"මේකි මට ආදරේ නෑ. වෙන කෙනකුටයි ආදරේ කළේ."

"දැන් ඔය කතාවලින් වැඩක් නෑ. මුන් වස බිව්වේ මැරෙන්නනෙ. මැරුණා නම් ආයෙත් මොන එහෙකටද මේ ශරීරයට රිංගා ගත්තේ?".

"මේකිව මට ඕනෑ. මම මේකිව දාලා යන්නේ නෑ".

"මගේ යුතුකම මගේ ළඟට ආ රෝගියා සුවපත් කරන එක. එහෙම පෙරේතයන්ට මනුස්සයන් අරන් යන්න දෙන්න බෑ".

"එහෙනම් මම මරාගෙන මැරෙනවා. උඹ කවුද මට බලපෑම් කරන්න. උඹට පුළුවන් දෙයක් කරපන්".

"මම උඹේ ඔය චණ්ඩිකම් මට්ටු කරනවා. ජීවත්ව ඉන්නකම් බලු පාපතර වැඩ කරල දැනුත් දඟලන්න ආවොත් උඹට දඬුවම් විඳින්න වෙනවා"යි ගවේෂකවරයා අනතුරු ඇඟවීය.

"මේකි මම මැරිලා අවුරුද්දෙන් ආයෙත් කසාද බැන්දා".

"ඉතින් මොකද? උඹ බැඳගත්තේ බලහත්කාරයෙන්. දැන් හොඳ මනුස්සයෙක් බැඳලා. උඹ තිරිසනෙක්. දෙන්නා අතරේ විශාල වෙනසක් තියෙනවා. උඹ එතනත් ප්‍රශ්න ඇති කළා. පවුල් අවුල් කළා."

"ඔව් මම පළිගන්නවා".

"අහිංසක ජීවිතවලට කරදර කරන්න පෙරේතයන්ට ඉඩ දෙන්න බෑ".

"මම මේකිව දාලා යන්නේ නෑ. උඹට පුළුවන් දෙයක් කරපන්" යැයි ගවේෂකවරයාට අසභ්‍ය වචනයෙන් බැන්නේය.

"උඹ ජීවත්ව ඉන්දැද්දිත් බලු, පාපතර, පාදඩ වැඩ කරලා දැනුත් ඔය සෙල්ලං කරන්න ආවොත් උඹට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා" ගවේෂකවරයා කීවේය.

"උඹට පුළුවන් දෙයක් කරපන්"."මම තවමත් උඹට අනුකම්පා කරනවා. කාලකණ්ණි පෙරේතයෙක් නිසා. උඹට මම තව දවස් හතක් කල් දෙනවා. උඹ වෙනස් නූනොත් බලාගන්න පුළුවන්" යැයි තවත් දවස් හතක් බෝධි පූජා පවත්වා එන්නැයි සමනලීට කීවේය.

ඊළඟ දිනයේද සමනලී ආවේශ වූවාය.

"මම මේකිව දාලා යන්නේ නෑ. පුළුවන් දෙයක් කරපන්".

"උඹ යන්නෙම නැද්ද?".

"නෑ.... නෑ.... නෑ...."

ප්‍රේත ජීවියා නූලකින් බැන්දේය. සමනලීට තව දින දෙකකින් නැවත පැමිණෙන ලෙස කීවේය.

ප්‍රේත ජීවියාට ශක්ති කිරණ එල්ල කොට පිච්චුවේය. දින දෙකක් පුරා විටින් විට පිච්චුවේය.

දින දෙකකට පසු පැමිණි සමනලීට ප්‍රේතයා බැඳ ඇති නූල දී එය සොහොනකට ගිහින් දමන්නැයි උපදෙස් දී දිනපතා ඉටු කළ යුතු සරල පිළිවෙත් කීපයක් නියම කළේය.

සොහොනට ගෙන ගොස් දමන ලද ප්‍රේතයාට කුමක් වේදැයි මම නාගොඩවිතාන මහතාගෙන් ඇසුවෙමි.

"මේ ප්‍රේතයා මහා පාපතරයෙක්. සර්පයන්ට විෂ දළ තියෙනවා වගේ මේ වගේ සමහර ප්‍රේතයන්ට යම් යම් හැකියාවන් තියෙනවා. ඇවිදින්න පුළුවන්. කෙනකු ස්පර්ශ කරන්න පුළුවන්. ලේ උරා බොන්න, ලෙඩ කරන්න පුළුවන්. මේ ජීවිතය බේරා දෙන්න වුවමනා නිසා පිච්චුවා."

"ඉතින් වෙනත් ප්‍රේතයන්වත් පුච්චලා පාලනය කරනවානෙ. මේ ප්‍රේතයාගෙ වෙනස මොකක්ද?"

"මේ ප්‍රේතයාට යම් යම් දේ කළ හැකි, යම් යම් හැකියාවන් තියෙනවා. ඒ හැකියාවන් නැති වී යන තුරුම පිච්චුවා."

"කොහොමද හැකියාවන් නැති වෙන්නේ?"

"මේ පිලිස්සූ වේදනාව ඉතා දරුණුයි. ඒ වේදනාව දිගින් දිගට නොනවත්වා දැනෙනවා. ඒ වේදනාව දැනෙන තුරු ප්‍රේතයාට වෙනත් සිතිවිල්ලක් මතු වෙන්නේ නෑ මතු කර ගන්නත් බෑ. ඒ වේදනාව තුළින්ම දුක් විඳිනවා. ඒ නූල සොහොනට ගිහින් දැම්මාම බන්ධනයෙන් නිදහස් වේවි. ඒත් කාලයක් සොහොනටම වෙලා දුක් විඳීවි."

"කොච්චර විතර කාලයක්ද?"

"අවුරුදු පන්සීයක් විතර!"

සමනලී පත්වී සිටින තත්ත්වය සලකා "ආර්ය මිතුරො" සංවිධානයට ඉදිරිපත් කොට ඇගේ අධ්‍යාපන සුදුසුකම්වලට අනුව ඇයට පෞද්ගලික ආයතනයක රැකියාවක්ද ලබා දුන්නේය. ඇය දැන් ගිණුම් ලිපිකාරිනියකි.


View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...