#htmlcaption16 #htmlcaption10 #htmlcaption11 #htmlcaption12 #htmlcaption4 #htmlcaption13 #htmlcaption14 #htmlcaption15

loading...

Translate

කිලිනොච්චිය මණ්ඩපයේ අලුත්ම නවකවද සෙල්ලම - නවක සිසුවියන්ගෙන් නිරුවත් පිංතූර ඉල්ලපු හැටි මාට්ටු වෙයි

යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය ස්ථාපිත මණ්ඩපයේ නවක සිසුවියන් පිරිසකට පිරිමි සිසුන් පිරිසක් ලබාදුන් නවක වදය සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව යාපනය විශ්ව විද්‍යාල බළධාරීන් පවසනවා.

විශ්ව විද්‍යාලයේ සිසුවියන් පිරිසකට නාන කාමර හා වැසිකිළි වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට පිරිමි සිසුන් පිරිසක් පවසා ඇති සිදුවීමක් සම්බන්ධයෙන් මෙලෙස කරුණු වාර්තා වී ඇති බවයි සඳහන් වන්නේ.

සිසුවියන් වෙත එලෙස බලපෑම් සිදුකළ සිසුන් කණ්ඩායම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය විනය කටයුතු සිදුකරන බව උතුරු පළාත් ආණ්ඩුකාරවරියද විශ්ව විද්‍යාල පාලකයින් වෙත දැනුම් දී තිබෙනවා.

කිලිනොච්චිය මණ්ඩපය වෙත පැමිණි නවක සිසුවියන් පිරිසක් වෙත නිරුවත් වීඩියෝ දුරකථන ඇමතුම් ලබා නොගතහොත් නැවත විශ්ව විද්‍යාලය වෙත පැමිනීමේදී දැඩි දඩුවම් ලබාදෙන බවට අදාළ සිසුන් කණ්ඩායම සිසුවියන් වෙත බලපෑම් කොට ඇති බවද විශ්ව විද්‍යාල සිසුන් ප්‍රකාශ කර තිබෙනවා.

loaading...



View the original article here
Share on Google Plus

About Udara Madusanka

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...